Tuesday, June 24, 2014

තොරතුරු ආර්ථික විද්‍යාව

අරපිරිමැස්ම පිළිබද විද්‍යාව ලෙස හැදින්වෙන ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව වශයෙන් වෙන්වෙනවා අධ්‍යනය කරයි.තොරතුරු ආර්ථික විද්‍යාව සුක්ෂම ආර්ථික විද්‍යාව යටතට ගැනෙයි.එක් එක් ප්‍රවේශ තුලින් ආර්ථික න්‍යායයන් ගොඩනැගීමේ දී ඒ ඒ න්‍යායන්ට අවේණික උපකල්පන විශාල ප්‍රමාණයක් පවතී.නමුත් කිසියම් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වන සියලුම දෙනා අතර කිසිදු වියදමක්,පරිශ්‍රමයක් හෝ කාල පමාවකින් තොරව තොරතුරු බෙදී ගොස් ඇතැයි යන උපකල්පනය ආර්ථික ආර්ථික විද්‍යාවේකුමන ප්‍රවෙශයක දී වුවද නිබදව සොයා ගනී.එහෙත් ප්‍රයෝගික තත්ත්වය පිළිබද විමසා බැලීමේදී එම උපකල්පනය කොතෙක් දුරට සාධාරණ ද යන්න පිළිබද සැකයක් මතු විම නොවැලක්විය හැකිය.මේ සම්බන්දයෙන් තොරතුරු ගැටලුව ලෙස ආර්ථික විද්‍යාඥයින් හදුනා ගන්නා මත වාදය හදුන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

අර්ථ ක්‍රමයක ආර්ථික ක්‍රියාවන්හි නියුතු සියළුම පුද්ගලයන්ට,ආර්ථික තීන්දු තීරණ ගැනීම සදහා අවශ්‍යය සියලුම තොරතුරු කිසිම කාල පමාවකින් තොරව වියදම් රහිතව ලබා ගැනීමට හැකියාවක් නොමැති බව,තොරතුරු ගැටලුව ලෙස ආර්ථික විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලබයි.මෙලෙස හදුන්වනු ලබන තොරතුරු කොටස් 2කින් හදුනා ගත හැකිය.
1,තොරතුරු අපුර්ණත්වය
2,තොරතුරු අසමමිතිකතාව
  1. 1.     තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු සියල්ලම තීරකයන් සතුව නොමැති බව තොරතුරු අපුර්ණත්වය යන්න්නෙන් අදහස් වේ.එනම් තීරණ ගැනීමට ඉදිරිපත් වන කවර හෝ පාර්ශවයකට අවශ්‍ය ඇතැම් තොරතුරු නොමැති වීමයි.

ex } ඉදිරි මිලදී ගැනුම් ගිවිසුමකට එලබීමට ඉදිරිපත් වන ගොවියෙකුට හෝ වෙළදසැල් හිමියෙකුට හෝ කන්නය අවසාන වීමට පෙර අතුව අස්වැන්නේ මිලට කුමක් සිදුවිය හැකි ද යන්න පිළිබද පුර්ණ අවබෝදයක් නොමැත.මෙම තත්වය යටතේ ගනුදෙනුකරුවන්,විය හැකි ඕනෑම තත්වයක් පිළිබද සලකා බලා තීන්දු තීරණ ගත යුතුය.

  1. 2.     තොරතුරු අසමමිතිකතාව පිලිබදව සලකා බැලීමේදී එය තොරතුරු අසම්පුර්ණ බව නිසා ජනිත කරන ප්‍රතිපල වලට වඩා සංකීර්ණ ප්‍රතිපල ජනිත කරයි.එනම්,එහිදී තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය අවිනිශ්චිත වනවාට අමතරව ගනුදෙනුකරුවන් අවිචරශීලි තරගයට ප්‍රවිෂ්ඨ වීමක් සිදුවේ.

තොරතුරු ආර්ථික විද්‍යාව තුල තොරතුරු බෙදී යාමේ ගැටලුව තොරතුරු අසමම්තිකතාව ලෙස හදුන්වනු ලබයි.මෙලෙස අසම්මතික බෙදීයාම නිසා ගනුදෙනුවක නිරතවන්නන් තොරතුරු සහිත පාර්ශවය හා තොරතුරු අහිමි පාර්ශවය යනුවෙන් දෙපිරිසක් හදුනාගත හැකිය.තොරතුරු අසම්මතික වීමේදී මතුවන ගැටලුව වන්නේ විකුණුම්කරු තම භාණ්ඩය පිලිබදව පවසන දේ එකහෙලාම පිළිගැනීමට ගැනුම්කරු සුදානම් නොමැති බවයි.

ex } යම් හානියක් වෙනුවෙන් රක්ෂණ වන්දි අයදුම් කිරීමේදී සත්‍ය හානියම ප්‍රකශ කළහොත් රක්ෂණ සමාගම ඉල්ලා සිටි වන්දියෙන් කොටසක් කපා හැරීමට ඉඩ ඇති නිසා සත්‍ය හානියට වඩා වැඩි යමක් ඉල්ලා සිටීමට තාර්කික රක්ෂිතය පෙළබේ.ඒ අනුව අවංක වීම රක්ෂිතයට අවාසි වනු ඇත .එමෙන්ම මේ පිලිබදව රක්ෂණ සමාගමකින් විමසා සිටියහොත් ඔවුන් පවසනු ඇත්තේ රක්ෂිතයා ඉල්ලු වන්දියට වඩා අඩු දීමනාවක් දීමට ඔවුන් පෙලබෙන්නේ රක්‍ෂිතයන් තම හානිය අධි තක්සේරු කිරීමට පෙලබෙන නිසා බවයි.එනම් ඇතැම් රක්‍ෂිතයන්,වංචනිකයන් නිසා සහ වංචනික රක්‍ෂිතයන් හදුනා ගත නොහැකි නිසා සැමටම දඩුවම් කිරීමට රක්ෂණ සමාගම් පෙලබෙන බවයි.තමන් වරදක් නොකලත් දඩුවම් ලැබෙන නිසා අවංක රක්‍ෂිතයන් ද වංචා කිරීමට එම දණ්ඩනයම පොලබ වන බව මෙම ගින් පැහැදිලි වේ.
කෙසේ වුවද තොරතුරු අසමමිතිකතාව පිළිබද ආර්ථික විද්‍යාඥයින් විසින් කරන න්‍යායාත්මක විග්‍රහය සලකා බැලීම මෙහිදී වැදගත් වේ.ප්‍රධාන ප්‍රවේශ 3ක් ඔස්සේ  න්‍යායාත්මක පසුබිම සංවිධානය කල හැකිය.එනම්,
  1. 1.     තොරතුරු ගැටලුවේ ආර්ථික පිරිවැය(අකලොෆ් ගේ ආකෘතිය)
  2. 2.     තොරතුරු අහිමි පාර්ශවය තම ප්‍රතිමල්ලවයා පිළිබද අනුමාන කර නිගමන වලට එලබීම(ස්පෙන්ස් ගේ සංඥා ආකෘතිය)
  3. 3.     තොරතුරු හිමි පාර්ශවය අවංක ගනුදෙනුවකට පොළබවා ගැනීම(ප්‍රමුඛ-අනුගාමික ගැටලුව)



  1. (මෙම ලිපිය සකස් කරනු ලැබුවේ මහා බැංකුවේ සටහන සගරාව ආශ්‍රයෙනි.මෙම ලිපියේ ඉතුරු කොටස ඊලග ලිපියෙන් බලාපොරොත්තුවන්න)