Wednesday, January 14, 2015

                                             ආර්ථික විද්‍යාව
මිනිසා හා සමාජය හැසිරෙනු ලබන ආකාරය අධ්‍යනය කිරීම සමාජ විද්‍යාවකින් අධ්‍යනය කරනු ලබයි.මිනිසා සමාජය තුල හැසිරෙනු ලබන ආකාරය ආර්ථික දුෂ්ටි කෝණයකින් අධ්‍යනය කිරීම ආර්ථික විද්‍යාව මගින් සිදු කරනු ලබයි.එම නිසා ආර්ථික විද්‍යාවද සමාජ විද්‍යාව,මානව විද්‍යාව,දේශපාලන විද්‍යාව මෙන් සමාජ විද්‍යාවකි.මිනිසුන් සමාජයේ හැසිරෙන ආකාරය විවිධ දුෂ්ටිකොණ වලින් අධ්‍යනය කිරීම සැම සමාජ විද්‍යාවකම මුලික කාර්යයයි. ඒ ඒ ක්ෂත්‍ර අදාළ සංකල්ප න්‍යාය මුලධර්ම හා විශ්ලේෂණ ක්‍රම බිහි කිරීම ඒ ඒ විෂය ක්ෂත්‍රයෙන් සිදු කරනු ලබයි.

මිනිසුන් සමාජයේ හැසිරෙනු ලබන ආකාරය ආර්ථික දුෂ්ටි කෝණයකින්(එනම් මිනිස් ජිවිතයේ සාමන්‍යය ව්‍යපාර පිලිබදව)අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවේදී සිදු කරනු ලබයි.මිනිසුන් නිෂ්පාදන කාර්යයට දායක වීමෙන් අධායම් ඉපැයීමත්,පරිභෝජන කාර්යයට සම්බන්ධ වීමෙන් එම ආධායම් වියදම් කිරීමෙත් මිනිසා නිරතව සිටි.එලෙස මිනිසුන් ආධායම් ඉපැයීමෙන් එම ආධායම් වැය කොට භාණ්ඩ හා සේවා  පරිභෝජනය කිරීමත් මිනිස් ජිවිතයේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වේ.මෙම ව්‍යාපාරික කටයුතු වල පුද්ගලයනුත්,ආයතනත්,රජයත්,කටයුතු කරනු ලබන ආකාරය ආර්ථික විද්‍යාවෙන් අධ්‍යනය කරනු ලබයි.

                                ආර්ථික විද්‍යාව පිළිබද නිර්වචන 
.
ඇඩම් ස්මිත්                  =  ධනයේ ස්වභාවය හා ධනයට හේතු විමර්ශනය කිරීම ආර්ථික විද්‍යාව වේ.                   
ඇල්ෆ්‍රඩ් මාර්ෂල්           =  එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනුසුන් කටයුතු කරනු ලබන ආකාරය                         
                                                   අධ්‍යනය කරනු ලබන විෂය ආර්ථික විද්‍යාව වේ.

ලයනල් රොබින්සන්    =  විකල්ප භාවිත සහිත හිග සම්පත් හා මිනිස් වුවමනා අතර පවත්නා                   සම්බන්ධතාවයේ දී මිනිස් හැසිරීම අධ්‍යනය කරනු ලබන විෂය ආර්ථික විද්‍යාව වේ.

පොල් සැමුවෙල්සන්     =  සමාජයක් විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේද එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිද පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යනය කරනු ලබන විෂය ආර්ථික විද්‍යාව වේ.

                                      යතානුරුපි හා අභිමතානුරුපි ප්‍රකාශ 
                                                          ආර්ථික විද්‍යාවේ අධ්‍යනය කරන විෂය කරුණු හෝ පැහැදිලි කරන සංසිද්ධි සම්බන්දයෙන් කරන ප්‍රකාශ වල අන්තරගතය අනුව ඒවා ප්‍රධාන කොටස් 2කි.

1.      යතානුරුපි ප්‍රකාශ
2.      අභිමතානුරුපි ප්‍රකාශ

                                       යතානුරුපි ප්‍රකාශ
                                                 යම් ආර්ථික ගැටළුවක් පිලිබදව විද්‍යාත්මක පදනමකින් කරනු ලබන ප්‍රකාශ යතානුරුපි ප්‍රකාශ ලෙස හැදින්වේ.මෙම යතානුරුපි ප්‍රකාශ අතීතය වර්තමානය අනාගතය යන ඕනෑම කාලයකට අයත් විය හැකිය.

මෙම ප්‍රකාශවල ප්‍රධාන ලක්ෂණ 
v  යතානුරුපි ප්‍රකාශ පුද්ගලානු බද්ධ නොවේ.
v  යතානුරුපි ප්‍රකාශ පරීක්ෂණයට භාජනය කල හැකි වීම 
v  යතානුරුපි ප්‍රකාශ සාරධර්ම මත පදනම් නොවීම 
v  යතානුරුපි ප්‍රකාශ විද්‍යාත්මක ස්වරුපයක් ගනී 
මෙම යතානුරුපි ප්‍රකාශ පදනම් වනුයේ සැබෑ කරුණු මතය එම නිසා යතානුරුපි ප්‍රකාශ හරි හෝ වැරදි විය හැකිය එම නිසා යතානුරුපි ප්‍රකාශයක නිරවද්‍යතාවය ප්‍රත්‍යක්ෂ මුල කරුණු මගින් පරීක්ෂණයට ලක් කල හැකිය 

                                     උදා = භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්දයක් පවතී 
                                               මුදල් සැපයුම හා මිල මට්ටම් අතර අනුලෝම සම්බනදතාවයක් පවතී 

                                          අභිමතානුරුපි ප්‍රකාශ
                                             යම් ආර්ථික ගැටළුවක් පිළිබදව විද්‍යාත්මක පදනමකින් තොරව කරනු ලබන ප්‍රකාශ අභිමතානුරුපි ප්‍රකාශ වේ.

මෙම ප්‍රකාශවල ප්‍රධාන ලක්ෂණ
v  අභිමතානුරුපි ප්‍රකාශ පුද්ගලානු බද්ධ වේ.
v  අභිමතානුරුපි ප්‍රකාශ පරීක්ෂණයට භාජනය කල නොහැකි වීම 
v  අභිමතානුරුපි ප්‍රකාශ සාරධර්ම මත පදනම් වීම 
v  අභිමතානුරුපි ප්‍රකාශ විද්‍යාත්මක පදනමක්  නොගනී 

             උදා  =  දිළින්දන්ට උදව් කිරීම සදහා පොහොසතුන්ගෙන් විශාල ලෙස බදු මුදලක් අය කල යුතුය
                         රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහල නැංවිය යුතුය

                         ආර්ථික විද්‍යාවේ ආදර්ශ ගොඩනැංවීම 
                                                     අනෙකුත් විද්‍යාවන් මෙන් ආර්ථික විද්‍යාවද විද්‍යාත්මක විෂයක් වන බැවින් ආර්ථික විද්‍යව විෂයට අදාළ නීති,මුලධර්ම හා න්‍යායන් ගොඩනගාගැනීම සදහා එක්තරා ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි.අතීතය අවබෝධ කර ගැනීමත් ඒ තුලින් අනාගතය සදහා විශ්වසකල හැකි මග පෙන්වීම් ඉදිරිපත් කිරීම හා අවශ්‍ය නීති නිර්මාණය කිරීම අනෙකුත් විද්‍යාවන් මෙන්ම ආර්ථික විද්‍යාවෙද අරමුණයි.මෙම අවශ්‍යය න්‍යායන් ගොඩනගාගනු ලබන්නේ කිසියම් විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේය.ඒ ප්‍රවේශය මුලික පියවර තුනකි 

                                                              i.      ගැටලුවට අදාළ ආර්ථික විචල්‍යයන්හි හැසිරීම නිරීක්ෂණය කිරීම
                                                            ii.      ආදර්ශ ගොඩනැගීම
                                                          iii.      ගොඩනැගු ආදර්ශ පරීක්ෂණයට ලක් කිරීම

ආර්ථික න්‍යාය ගොඩනැගීමේදී අනුගමනය කලයුතු අදියර හයකි 
                                                                               I.            අදාල ගැටලුව නිවැරදිව හදුනා ගැනීම 
                                                                            II.            ගැටලුව පැහැදිලි කිරීමට ප්‍රයෝජනවත් වන විචල්‍යය හදුනා ගැනීම 
                                                                         III.            උපකල්පන ඉදිරිපත් කිරීම 
                                                                         IV.            කල්පිත ඉදිරිපත් කිරීම 
                                                                            V.            කල්පිත භාවිතයෙන් පුරෝකථනය කිරීම
                                                                         VI.            ගොඩනගන ලද ආදර්ශ පරික්ෂාවට ලක් කිරීම

                                                  හිඟකම
                                                               ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සලකනු ලබන්නේ හිගකමයි.මෙලෙස හිගකම  කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සලකනු ලබන්නේ අනෙකුත් සියලුම ආර්ථික ප්‍රශ්න  සදහා හේතුව හිගකම බැවිනි.හිඟකම යන්නෙන් අදහස් කරනු ලබන්නේ "අසීමිත මිනිස් උවමනා ඉටු කිරීම සදහා සමාජයක් සතුව පවත්නා සම්පත් සම්බාරය ප්‍රමාණවත් නොවීමයි"දියුණු හා නොදියුණු සෑම ආර්ථික  පද්ධතියක්ම  මුලිකවම මුහුණ දෙනු ලබන ප්‍රදානම ගැටලුව වනුයේ හිගකමයි.
හිගකම අර්ථ දක්වනු ලබන්නේ උවමනා  සාපේක්ෂවයි.

                             හිගකම් බිහිවන සමාජයක ප්‍රධාන ලක්ෂණ 
                                                                                                       I.            මිනිස් උවමනා අසීමිත වීම 
                                                                                                    II.            සම්පත් සම්භාරය සීමිත වීම 

                                                          ආර්ථික පද්ධතියක් තුල කටයුතු කරනු ලබන ආර්ථික ඒකක විවිධ  වූ ආර්ථික ගැටළු වලට මුහුණ දෙනු ලබන්නේ හිගකම නිසාය.කුටුම්භයන් නිවසක් ඉදිකර ගැනීම,වාහනයක් මිලදී ගැනීම යන ප්‍රශ්නත් කර්මාන්ත ශාලා හිමියන් කර්මාන්තශාලාවට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීමත්,කර්මාන්තශාලාවට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරිම යන ප්‍රශ්නත් රජයක් අධිවේගී මාර්ග ඉදිකිරිම,ගුවන් තොටුපොළවල් ඉදිකිරිම යන ආදී ප්‍රශ්නත් බිහිවනු ලබන්නේ මෙමෙ හිගකම නමැති මුලික ආර්ථික ගැටලුව නිසාය.

"දියුණු රටවල් මෙන්ම නොදියුණු රටවල් වලට ද හිඟකම යන්න එකලෙස බලපානු ලබයි."
                                    දියුණු රටවල් වලට මෙන්ම නොදියුණු රටවල් වලට ද හිගකම යන ප්‍රශ්නය එක ලෙස බලපානු ලබයි.දියුණු රටවල් යනු ඉහල ජිවන තත්වයක් ළඟාකර ගනු ලැබූ රටවල්ය.නොදියුණු රටවල් යනු පහල ජීවන තත්වයක් පවතිනු ලබන රටවල්ය.දියුණු හා නොදියුණු ලෙස රටවල් වර්ග වනුයේ දරිද්‍රතාවය පදනම් කරගෙනය.හිඟකම යනු දරිද්‍රතාවයෙන් වෙන් වූ සංකල්පයකි.එමනිසා දියුණු රටවල් මෙන්ම නොදියුණු රටවල් වලට ද එම ආර්ථිකයේ ස්වාභාවය අනුව හිඟකම යන ගැටලුව බලපානු ලබයි.

                                                          දිළිඳුකම 
මුලික මිනිස් අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිවීම දිළිඳුකම ලෙස හැදින්වේ.පුද්ගල පැවැත්මට අවශ්‍ය කරනු ලබන මුලික දෑ ප්‍රමාණවත් අයුරින් නොලැබෙන විට දිළිඳුකම ඇතිවේ.දිළිඳු කම යන්න දරිද්‍රතාවය හා සම්බන්ධ වුවකි.පුද්ගල පෙවත්මට අවශ්‍ය කරන මුලික දෑ සපුරා ගැනීමට නොහැකි වනුයේ හිඟකම නිසාය.නමුත් හිඟකම හා දරිද්‍රතාවය යනු එකම සංකල්පයක් නොවේ


No comments:

Post a Comment