Sunday, February 24, 2013


              ඉල්ලුම හා සැපයුම 
කුටුම්භ ද නිෂ්පාදන ආයතන ද මිල සංඥාවලට අනුව ගන්නා තීරණ මගින් මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා කටයුතු කරන ආර්ථික පද්තියක් වෙළද පොළ ආර්ථික පද්ධතියක් වශයෙන් හැදින්වේ.සැපයුම්කරුවන් ද ඉල්ලුම්කරුවන් ද අති විශාල සංඛ්‍යාවක ස්වාධින තීරණ මත සම්පත් බෙදී යාම වෙළදපොල ආර්ථිකයක විශේෂ ලක්ෂණය වේ.මුලික ආර්ථික ප්‍රශ්න පිළිබද තීරණ ගැනීම මේ මිල ක්‍රමයේදී විමද්‍යගත ව සිදුවේ.එහෙත් මේ විමද්‍යගත තීරණ  මිල මගින් සමායෝජනය කරේ.එම නිසා මිල ක්‍රමය ලෙසද හැදින්වේ.
   වෙළද පොල ප්‍රධාන කොටස් 2කි.
  1.  සාධක වෙළද පොළ   
  2.  භාණ්ඩ වෙළද පොළ 

         සාධක වෙළදපොළ 
නිෂ්පාදන සාධක අලෙවි කෙරෙන වෙළද පොළ සාධක වෙළදපොළ ලෙස හැදින්වේ.භුමිය,ශ්‍රමය,ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාක සේවා මේ වෙළද පොළේ අලෙවි කෙරේ.සාධක සේවා සපයන්නේ කුටුම්බ විසිනි.ඒ සදහා ඔවුනට සාධක සේවා ආධායම් හිමි වේ.භූමියට බදුකුලී,ශ්‍රමයට වැටුප්,ප්‍රාග්ධනයට පොලිය එලෙස හිමිවන අධායමයි.මෙම සාධක සේවා ඉල්ලුම් කරන්නේ ව්‍යාපාර ආයතනය.මෙම සාධක සේවා සදහා ඇත්තේ ව්‍යුත්පන්න ඉල්ලුමකි.
         භාණ්ඩ වෙළද පොළ 
නිෂ්පාදිත විකිණෙන වෙළද පොළ භාණ්ඩ වෙළද පොළ ලෙස හැදින්වේ.පාරිභෝගික භාණ්ඩ,අන්තර් භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ මේ වෙළද පොලේ විකිණේ.මේවයේ සැපයුම්කරුවෝ නිෂ්පාදන ආයතන වේ.පාරිභෝගික භාණ්ඩ වල  ඉල්ලුම් කරුවන් කුටුම්බ වේ.අන්තර් හා ප්‍රාග්ධන භාණ්ඩ වල ඉල්ලුම් කරුවන් ව්‍යාපාර ආයතනය.
    භාණ්ඩයකට ඉල්ලුමක් ඇතිවීම සදහා  අවශ්‍ය සාදක 
  • භාණ්ඩය සදහා උවමනාවක් පැවතිම 
  • මිලදී ගැනීමට හැකියාවක් පැවතීම 
  • මිලදී ගැනීම සදහා සැලැස්මක් තිබීම 

    ඉල්ලුම යනු 
පාරිභෝගිකයන් විවිධ මිල ගණන් යටතේ මිලට ගැනීමට සුදානම් ප්‍රමාණය ඉල්ලුම වේ.මෙය සැබැ වශයෙන් මිලට ගන්නා ප්‍රමාණය නොවේ.සැලසුම් කරන ප්‍රමාණයකි.
   සඵල ඉල්ලුම යනු 
භාණ්ඩය මිලට ගැනීමට තිබෙන උවමනාවත් එයට මුදලින් ගෙවීමට ඇති හැකියාවත් සම්බන්ද වී කරනු ලබන ඉල්ලුම සඵල ඉල්ලුම වේ.
    ඉල්ලුම තීරණය කරනු ලබන සාධක 
  • සලකා බලන භාණ්ඩයේ මිල 
  • සම්බන්දිත භාණ්ඩවල මිල 
  • සාමාන්‍ය අදායම 
  • පාරිභෝගික අභිරුචිය 
  • අනාගත අපේක්ෂණය 
  • ගැනුම්කරුවන් සංඛ්‍යාව 
  • සමාජ,දේශපාලන සහ මනෝවිද්‍යාත්මක සාධක  

No comments:

Post a Comment