මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා සමාජ අනුගමනය කරන ආයතනික වැඩ පිළිවෙල හැදින්වෙන්නේ ආර්ථික පද්ධති ලෙසය.විවිධ සමාජ ඒ සදහා විකල්ප ක්‍රම භාවිත කරයි.ඒවායින් ප්‍රදාන ක්‍රම කිහිපයක් පහත දැකවේ.
- සම්ප්‍රධායික ආර්ථික පද්ධති
- වෙළදපොල ආර්ථික පද්ධති
- විධාන හා නියෝග පදනම් කරගත් ආර්ථික පද්ධති
- මිශ්‍ර ආර්ථික පද්ධති
ආර්ථික පද්ධති එලෙස වර්ග කිරීම සදහා යොදා ගන්නා ප්‍රදාන නිර්ණායක තුනකි
- හිග සම්පත් බෙදාවෙන්කිරිම සදහා තීරණ ගැනීම හා ඒ තීරණ සම්බන්දිකරණය සදහා භාවිතා කැරෙන යන්ත්‍රණය
- නිශ්පාදන සම්පත් වල හිමිකාරිත්වය හා අයතිවාසිකම්
- තීරණ ගන්නා එකක කෙරෙහි බලපානු ලබන සානුබල පද්ධතිය
ආර්ථිකයක තීරණ ගන්නා එකක ධෛර්යමත් කිරීමටත් අධෛර්යමත් කිරිමටත් බලපෑම් කරන සාදක සානුබල වශයෙන් හැදින්වේ.සානුබල සැපයෙන අකර තුනකි.
- ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගත් සානුබල
- බලය පදනම් කරගත් සානුබල
- යුක්තිය හා සදාචාරය පදනම් කරගත් සානුබල
සම්ප්‍රධායික ආර්ථික පද්ධති
නිෂ්පාදන සම්පත් බෙදා වෙන් කිරීම පිලිබදව තීරණ ගැනීම හා එකී තීරණ සම්බන්දිකරණය කිරීමේ යාන්ත්‍රණය වශයෙන් භාවිත කැරෙනේ සම්ප්‍රධායන්,සිරිත් විරිත්,ආගමික විස්වාස හා මතවාද ය.නිෂ්පාදන සම්පත්වල අයිතිය පොදු හිමිකරිත්වය මතය.වර්තමානයේ සම්ප්‍රධායික ආර්ථික පද්ධති දක්නට නොලැබේ.ගෝත්‍රික සමාජ වල පමණක් සම්ප්‍රධායික ආර්ථික පද්ධති වල ලක්ෂණ දක්නට ලැබේ.
සම්ප්‍රධායික ආර්ථික පද්ධති වල වැදගත් ලක්ෂණ
- පොදු සම්පත් වශයෙන් නිෂ්පාදන සම්පත් පැවතීම
- භාණ්ඩ හුවමාරුව මත වෙළදාම සිදු වීම.
- ප්‍රධාන ආර්ථික තීරණ පාලකයා තනිව හෝ සම්මේලනයක් මගින් හෝ ගැනීම
- සදාචාර පදනම් ඔස්සේ සානුබල සැපයීම
- ගෝත්‍රික වශයෙන් රැකියා පරම්පරාවෙන් පරම්පරාවට මාරු වීම
- වෙනස්වන ගෝලීය පරිසරයන්ට අනුව ආර්ථික පද්ධතිය වෙනස් නොවීම
- පසුගිය වර්ෂයේ නිෂ්පාදනය කල දැ ම එකී ප්‍රමාණයෙන් ම නිෂ්පාදනය කිරීමෙන් මුලික ආර්ථික ප්‍රශ්න විසදීම
- ස්වභාවික උපද්‍රව වලදී අද්භූත බලවේග මත පිහිට පැතීම
No comments:
Post a Comment