වෙළදපොල ආර්ථිකයක රජයේ කාර්යභාරය
- දේපොලවල පුද්ගලික හිමිකම සුරක්ෂිත කර දීම සදහා අවශ්‍ය නෛතික රාමුව සැකසීම
- ජාතික ආරක්ෂාව සපයා දීම
- සේවක අයතිවාසිකම් ස්ථාපිත කිරීම
- හුවමාරුව පහසු කිරීම සදහා අවශ්‍ය මුල්‍ය පද්ධතිය ස්ථාපිත කිරීම
- කිරුම් මිනුම් පිළිබද ප්‍රමිත සැකසීම
- තිරසාර සංවර්ධනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
- පොදු භාණ්ඩ හා ශුභ සාධන භාණ්ඩ සැපයීම
- මානව සම්පත් සංවර්ධනය කිරීම
වෙළදපොල ආර්ථිකයක් මුලික ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය
කුමක් කොපමණ ප්‍රමාණයක් නිපදවනවද යන ප්‍රශ්නය
කුමන භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් නිපදවනවද යන්න වෙළදපොල ආර්ථිකයක් තීරණය කරන්නේ වෙළදපොල ක්‍රමයේදී ඒ ඒ භාණ්ඩයෙන් ලැබෙන ලාභය මතය.එනම් වෙලදපොලේ මිල වැඩි භාණ්ඩ වැඩිපුර නිෂ්පාදනය කරනු ලබන අතර මිල අඩු භාණ්ඩ අඩුවෙන් නිෂ්පාදනය කරනු ලබයි මිලක් අයකරගත නොහැකි භාණ්ඩ නිපද වීමක් සිදු නොවේ.මෙලෙස මිල වැඩි භාණ්ඩ වැඩිපුරත් මිල අඩු භාණ්ඩ අඩුවෙනුත් මිලක් අයකළ නොහැකි භාණ්ඩ නිෂ්පාදනයක් සිදු නොවීමත් හේතුව වනුයේ මිල ක්‍රමය මගින් දෙනු ලබන සඥා නිසාය.
කෙසේ නිපදවන්නේද යන ප්‍රශ්නය
කෙසේ නිපදවන්නේද යනනෙන් අදහස් කරන්නේ විකල්ප නිෂ්පාදන ක්‍රම අතුරින් කුමන නිෂ්පාදන ක්‍රමය භාවිත කරන්නේ ද යන්න තීරණය කිරීම යි.භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී ප්‍රග්දනයට සාපේක්ෂව ශ්‍රමය වැඩිපුර යොදා ගැනේ නම් එහි දී භාවිත කෙරෙන නිෂ්පාදන ශිල්පිය ක්‍රමය"ශ්‍රම සුක්ෂම"වන අතර ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනය බහුලව යොදා ගැනේ නම් එහිදී භාවිතා කෙරෙන නිෂ්පාදන ශිල්පිය ක්‍රමය ප්‍රාග්ධන සුක්ෂම වේ.මෙහෙදී භාණ්ඩ නිෂ්පාදනය සදහා වඩාත් ලභාදායි ශිල්පිය ක්‍රමය යොදා ගැනේ.
කා සදහා නිෂ්පාදනය කරන්නේද යන ප්‍රශ්නය
කා සදහා නිෂ්පාදනය කරන්නේ ද යන්නෙන් අදහස් වන්නේ කිසියම් කාලයක් තුල සමාජය නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තොගය ජනතාව අතර කෙසේ බෙදී යාමට සලස්වන්නේ ද යන්න තීරණය කිරීමයි.මෙය සමාජයේ අදායම් බෙදීයාම සම්බන්ද වේ.සමාජයේ වැඩි අදායම් ලබන්නන් හට වැඩි භාණ්ඩ ප්‍රමාණයකුත් අඩු අදායම් ලබන්නන් හට අඩු ප්‍රමාණයකුත් අදායම් නොලබන්නන් හට භාණ්ඩ හිමි වීමක් සිදු නොවේ.වෙළද පොළ ආර්ථිකයක පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය අනුව භාණ්ඩ මිලට ගැනීම තීරණය වේ.
වෙළදපොල ආර්ථික ක්‍රමයක යහපත් ලක්ෂණ
- නිෂ්පාදන කටයුතු එලදයිව ද කර්යක්ෂමව ද සිදු වීම
- පාරිභෝගික ඉල්ලුම අනුව නිෂ්පාදනය සිදු වීම
- තරගකාරිත්වය හේතුවෙන් ගුණත්වයෙන් යුත් භාණ්ඩ අඩු මිලට විකිණීම
- තරගකාරිත්වය හේතුවෙන් භාණ්ඩ නිෂ්පාදන පිරිවැය අවම වීම
- ආර්ථිකයට අවශ්‍ය භාණ්ඩ හා සේවා කාර්යක්ෂම ව සම්පාදනය වීම.
වෙළදපොල ආර්ථික ක්‍රමයක දුර්වලතා
- වෙළදපොල ක්‍රමය තුල සැපයුම්කරුවන් බලවත් වීම
- පොදු භාණ්ඩ සැපයීමක් සිදු නොවීම
- බාහිරතා සැලකිල්ලට නොගැනීම
- සාධාරණත්වය ඉටු නොවීම
- තිරසාර සංවර්දනයට බාධා පැමිණීම
- සම්පත් සංචලනයට බාධා පැවතීම
- ආර්ථික අස්ථායිතා ඇතිවීම
- සුභ සාධන භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සම්පාදනය නොවීම
No comments:
Post a Comment