භෞතික නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය ව්‍යවසායක කාර්යයන් පුද්ගලයන් ද පුද්ගලික අංශයට අයත් ආයතන ද සතු ආර්ථික පද්ධතිය හැදින්වෙන්නේ වෙළදපොල ආර්ථික පද්ධතිය ලෙසය.පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලිය සදහා රජයේ සෘජු මැදිහත් වීමක් මේහි දී සිදු නොවේ.නිදහස් ධනවාදී ක්‍රම,නිදහස් ව්‍යවසාය,මිල ක්‍රමය යන මේ නම් වලින් හදුන්වන්නේද මෙම ආර්ථිකයන්ය.
වෙළදපොල ආර්ථික පද්ධතියේ පොදු ලක්ෂණ
- දේපලවල පුද්ගලික හිමිකාරත්වය
- පුද්ගලික ව්‍යවසාය
- ස්වර්ථය පදනම් කරගත් සානුබල පැවතීම
- මිල යාන්ත්‍රණය මගින් ආර්ථිකය මෙහෙය වීම
- තේරීමේ නිදහස පැවතීම
- වෙළදපොල තරගකාරී වීම
- රජයේ කාර්යභාරය සීමිත වීම
වෙළදපොළ ආර්ථිකයක ලාභය මගින් ඉටුකරනු ලබන කාර්යයන්
- නව්‍යතා හදුන්වාදීම දිරිමත් කිරීම
- ආර්ථිකයේ විවිධ අංශ සම්පත් බෙදීයාම කාර්යක්ෂම කිරීම
- වෙළදපොල සංඥා සැපයීම
- අවධානම් දැරීම වෙනුවෙන් ප්‍රතිලාභ හිමි කර දීම
- අමතර අරමුදල් සපයාගැනීම පහසු කර වීම
- රජයට බදු සපයන මුලාශ්‍රයක් වීම
මිල යාන්ත්‍රණය
ආර්ථිකය පුරා විසිරි සිටින සියලුම පාරිභෝගිකයන් ස්වාර්ථය උදෙසා පරිභෝජනය පිළිබදව තීරණ ගන්නෙත් සියලුම නිෂ්පාදකයන් ස්වාර්ථය උදෙසා නිෂ්පාදනය පිළිබදව තීරණ ගන්නෙත් භාණ්ඩ හා සේවා වලට වෙළදපොළේ තීරණය වන මිල මගිනි.එලෙස එක් එක් පුද්ගලයා වෙන් වෙන් වශයෙන් ගන්නා තීරණ ව්‍යකුලත්වයකින් තොරව මනාව සම්බන්දිකරණය කරන්නෙත් භාණ්ඩ හා සේවාවල වෙළදපොළ මිල මගිනි.එහෙයින් වෙළදපොළ ආර්ථික පද්ධතියක සන්නිවේදන කාර්යයත් සිදු කෙරෙන්නේ මිල මගිනි.
වෙළදපොල ආර්ථික පද්ධතියක මිලෙහි කාර්යයන්
- තොරතුරු සැපයීම
- සානුබල සැපයීම
- හිග සම්පත් බෙදා වෙන් කිරීම
තොරතුරු සැපයීම
වෙළදපොල ආර්ථික පද්ධතියක් තුල තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයාටත් නිෂ්පාදකයාටත් සපයන්නේ වෙළදපොල මිල මගිනි.එහෙයින් තොරතුරු සැපයීම වෙළදපොල ආර්ථිකයක ප්‍රධාන කාර්යයයකි.මිල නොදන්නා විට භාණ්ඩයක් මිලට ගැනීමට යාමේ දී ඇති වන අපහසුව,වැටුප නොදන්නා විට රැකියාවක් තෝරා ගැනීමේ අපහසුව,යනාදිය තුලින් පෙන්නුම් කෙරෙන්නේ මිල මගින් සැපයෙන තොරතුරු වල වැදගත්කමය.
සානුබල සැපයීම
වෙළදපොල ආර්ථික ක්‍රමයක නිෂ්පාදකයනටත් පරිභෝගිකයනටත් නිෂ්පාදනය ද පරිභෝජනය ද සදහා සානුබල සැපයෙන්නේ මිල මගිනි.කුටුම්බ ද නිෂ්පාදන ආයතන ද ස්වාර්ථය පදනම් කරගෙන තීරණ ගනු ලබන්නේ මිල මගින් ලබාදෙන සානුබල මගිනි.සැපයුමට සාපේක්ෂව ඉල්ලුම ඉහල යන විට භාණ්ඩයේ මිල ඉහල යයි.භාණ්ඩයක වෙළදපොල මිල එලෙස ඉහල යත් ම නිෂ්පාදකයාට ඉපයිය හැකි ලාභයද වැඩි වේ.නිෂ්පාදනය වැඩිකිරීමට එමගින් සානුබල ලැබේ.එසේම භාණ්ඩයක මිල අඩුවන විට ඒ භාණ්ඩයේ සැපයුම අඩුවන බැවින් ලාභයද අඩුවේ.ලාභය අඩුවන නිසා එමගින් නිෂ්පාදනය අඩුකිරීමට සානුබල ලැබේ.
හිග සම්පත් බෙදා වෙන් කිරීම
විකල්ප භාවිත හැකියා සහිත හිග සම්පත් විවිධ නිෂ්පාදන කාර්ය සදහා වෙළදපොල ආර්ථික ක්‍රමයේ දී බෙදා වෙන් කෙරෙන්නේ මිල මගිනි. සලාක කිරීම යන්නෙන් අදහස් වන්නේ හිග සම්පත් බෙදා වෙන් කිරීමම ය.
No comments:
Post a Comment