Sunday, February 3, 2013

       මිශ්‍ර ආර්ථික පද්ධති 
වෙළද පොළ බලවේග මගිනුත් සැලසුම් ක්‍රියාවලිය තුලිනුත් නිෂ්පාදන කටයුතු සදහා සම්පත් බෙදා හරිම සිදු කරන ආර්ථික පද්ධති මිශ්‍ර ආර්ථික පද්ධති වේ.මිශ්‍ර ආර්ථික පද්ධතියක නිෂ්පාදන කටයුතු සදහා සම්පත් යොමු කිරීමේදී මිල යාන්ත්‍රණයත් සැලසුම් යාන්ත්‍රණයත් යන දෙකම භාවිතා වේ.
        මිශ්‍ර ආර්ථික පද්ධති වල පොදු ලක්ෂණ 
  • ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට පාර්ශව හතරක් දායක වීම 
  • සම්පත්වල පොදු හිමිකරත්වයක් මෙන්ම පුද්ගලික හිමිකරිතවයත් පැවතීම 
  • ආර්ථිකය තුල රජයත් පුද්ගලික අංශයත් වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීම 
  • සම්පත් බෙදා හරිම මිල යාන්ත්‍රණය මගින් මෙන්ම සැලසුම් ක්‍රියාවලිය තුලින්ද සිදු කිරීම 
  • පුද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයේ ද දායකත්වය මත මුලික ආර්ථික ප්‍රශ්න විසදීම 
  • පුද්ගලික අංශය ස්වාර්ථය මගින්ද පොදු අංශය පොදු යහපත මගින්ද අභිප්ප්‍රරණය වීම 
     මිශ්‍ර ආර්ථිකයක රජය මැදිහත් වන අවස්ථා 
  • පාරිභෝගික සංක්‍රම සැපයීම 
  • කුටුම්බ අදායම මත බදු අය කිරීම 
  • යටිතල පහසුකම් සැපයීම 
  • නිෂ්පාදන ආයතන වලට පහසුකම් සැපයීම 
  • සාධක භාවිතය සදහා නීති පැමිණ වීම 
  • සේවක සුරක්ෂිතතාවය ආරක්ෂා කෙරෙන නීති පැනවීම 
  • දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සදහා ආනයන සිමා කිරීමට කටයුතු කිරීම 
           මිශ්‍ර ආර්ථිකයක මුලික ආර්ථික ප්‍රශ්න විසදනු ලබන ආකාරය 
මිශ්‍ර ආර්ථික පද්ධතියක් තුල  කුමන භාණ්ඩ,කොපමණ ප්‍රමාණයක්,කෙසේ කසදහා නිෂ්පාදනය කරන්නේද යන මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා පුද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද දායකත්වයෙන් සිදු කෙරේ.එහිදී වෙළදපොල යාන්ත්‍රණය මගින් පුද්ගලික අංශයද ආණ්ඩුව විධාන හා නියෝග මගින් රාජ්‍ය අංශයේ ආයතන ද මෙහෙය වේ.
        සමාජයීය වෙළද පොළ ආර්ථිකය 
වෙළදපොල ආර්ථික පද්ධතියක් තුල සමාජ සදාරණත්වය ඇති කිරීම සදහා රජය මැදිහත් වන ආර්ථික හැදින්වෙන්නේ සමාජයීය වෙළද පොළ ආර්ථිකය ලෙසය.මෙහිදී රජය ආර්ථික,දේශපාලන,සිවිල්,සමාජ,සංස්කෘතික යන මානව හිමිකම් පද්ධති පහ ආරක්ෂා කිරීම ට කටයුතු කරනු ලබයි.
        පරිවර්තන ආර්ථික පද්ධති 
එක ආර්ථික ක්‍රමයක සිට තවත් ආර්ථික ක්‍රමයකට මාරුවීමේ ක්‍රියාවලියේ දී සිටින ආර්ථික හැදින්වෙන්නේ පරිවර්තන ආර්ථික ලෙසය.වර්තමානයේ පරිවර්තන ආර්ථික ලෙස සැලකෙන්නේ සැලසුම් ක්‍රමයක සිට වෙළදපොල ආර්ථික පද්ධතියකට යාම සදහා ක්‍රියා මාර්ග ගනිමින් සිටින රටවල්ය.
        ආර්ථික පද්ධතියක අරමුණු හා කාර්යසාධනය ඇගයීම 
  • පුර්ණ සේවා නියුක්තිය 
  • ආර්ථික කාර්යක්ෂමතාව 
  • මිල ස්ථායිතාව 
  • බාහිර ස්ථායිතාව
  • ආර්ථික වෘර්ධිය 
  • පරිසරයේ සුරක්ෂිතතාව 
  • ආර්ථික නිදහස 

No comments:

Post a Comment