මධ්‍යගත
සැලසුම්කළ ආර්ථික පද්ධති
කිසියම් බලධරයකු හෝ මධ්‍ය සැලසුම් අධිකාරියක් හෝ දෙනු
ලබන විධාන මත මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා කටයුතු කරන ආර්ථික පද්ධති
හැදින්වෙන්නේ මධ්‍යගත සැලසුම්කළ
ආර්ථික පද්ධති ලෙසය.බලධරයකු හෝ මධ්‍ය සැලසුම් අදිකාරියක් හෝ දෙන විධාන මත ආර්ථික
ක්‍රියාකාරිත්වය තීරණය වන හෙයින් මේ ආර්ථික පද්ධති විධාන ආර්ථික පද්ධති යන නමින්ද
හදුන්වයි.
මධ්‍යගත සැලසුම්කළ ආර්ථික පද්ධති වල ලක්ෂණ
- සැලසුම් ක්‍රියාවලිය යොදා ගනිමින් මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම
- රාජ්‍ය ව්‍යවසාය මගින් නිශ්පාදන කටයුතු සිදු කිරීම
- පොදු යහපත පදනම් කරගත් සානුබල ක්‍රියාත්මක වීම
- සැලසුම් කරන ලද මිල ගණන් පැවතීම
- අදායම් ව්‍යාප්තියේ විෂමතා අඩු වීම
- ශ්‍රමය හැර අනෙකුත් සම්පත් රජය සතු වීම
සැලසුම් ක්‍රියාවලිය මගින් මුලික ආර්ථික ප්‍රශ්න විසදීම
සැලසුම් ආර්ථිකයක් මුලික ආර්ථික ප්‍රශ්න විසදීම සදහා සියලුම ආර්ථික කටයුතු ඇතුලත් සැලැස්මක් භාවිත කරයි.මෙම ආර්ථික කටයුතු ඇතුලත් සැලැස්ම සාදනු ලබන්නේ මධ්‍ය සැලසුම් අධිකරියයි.මෙහිදී කුමක් කොපමණ ?කෙසේ?කාසදහා?යන මුලික ආර්ථික ප්‍රශ්න විසදනු ලබන්නේ ආර්ථික සැලැස්ම මගිනි.මෙම ආර්ථික සැලැස්ම තුල සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත ආර්ථික අරමුණු,ඒ සදහා භාවිතා කරන සම්පත් ප්‍රමාණය,එකී සම්පත් විවිධ නිෂ්පාදන කාර්ය සදහා බෙදා වෙන් කෙරෙන ආකාරය,නිෂ්පාදන කටයුතු මෙහෙයවන ආකාරය,කුටුම්බ අතර නිෂ්පාදිත බෙදා හැරීම සිදු කරන ආකාරය යන ආදී සියලුම තොරතුරු ඇතුලත් වේ.
සැලැස්මේ ඇතුලත් ආර්ථික අරමුණු තීරණය කරනු ලබන්නේ රජයයි.රජය තීරණය කරනු ලබන ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සදහා නිෂ්පාදනය කරන්නේ කුමන භාණ්ඩද?ඒ ඒ භාණ්ඩ කුමන ප්‍රමාණයක් නිපදවනවාද?ඒ සදහා භාවිත කෙරෙන නිශ්පාද සිල්පිය ක්‍රම මොනවද?නිෂ්පාදනයේ කුමන භාණ්ඩ වලට ප්‍රමුඛත්වයක් දෙනවද?ජනතාවට කුමන මිලකටද?ඒ සදහා අනුගමනය කරන ක්‍රමය කුමක්ද යනාදිය තීරණය කරන්නේ මධ්‍ය සැලසුම් අධිකාරියි.
මධ්‍යගත සැලසුම් කල ආර්ථික පද්ධතිවල යහපත් ලක්ෂණ
- ජනතාවගේ මුලික අවශ්‍යතා සාර්ථකව සපුරාලීම
- සැලැස්මකට අනුව ආර්ථික සංවර්ධනය අත්කර ගත හැකි වීම
- තරගකාරිත්වයක් නොමැති හෙයින් සම්පත් නාස්ති නොවීම
- ධනයත් අදායමත් සාධාරණ ව බෙදී යාම
මධ්‍යගත සැලසුම් කල ආර්ථික පද්ධතිවල අයහපත් ලක්ෂණ
- සංවිධානය හා සම්බන්දිකරණය සම්බන්ධ ගැටළු
- තත්ව පාලනය බිද වැටීම
- පරිසර හානිය
- නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව සිදු නොවීම
- රාජ්‍ය දුෂිත වීම හා දේශපාලනීකරණය
- නවෝත්පාදන සදහා දිරි ගැන්වීම නොමැති වීම
- පාරිභෝගිකයන්ට භාණ්ඩ තේරීමට තිබෙන ඉඩ ප්‍රස්තා සිමා වීම
No comments:
Post a Comment