ආර්ථික පද්ධති
මිනිස් උවමනා අසීමිත වීමත් සම්පත් සීමාසහිත වීමත් හේතුවෙන් සම සමාජයක් ම පොදුවේ හිගකම නමැති කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයට මුහුණ දේ.හිගකම නමැති ප්‍රශ්නයට මුහුණ දෙන සම සමාජයක්ම විසදාගත යුතු මුලික ආර්ථික ප්‍රශ්න 3ක් පවතී.කුමන භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කල යුතු ද?භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කල යුතු ද?භාණ්ඩ හා සේවා ක සදහා නිෂ්පාදනය කල යුතු ද?යන්න ඒ මුලික ආර්ථික ප්‍රශ්න තුන වේ.මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා මිනිසා විසින් නිර්මාණය කර ඇති යාන්ත්‍රණය ආර්ථික පද්ධතියක් ලෙස හැදින්වේ.
ආර්ථික පද්ධති වල ආයතනික ලක්ෂණ
නුතන ආර්ථික පද්ධතියක් තුල පවත්නා ආයතනික ව්‍යුහයන් ද ඒවා ක්‍රියාත්මක වෙන නෛතික,සංස්කෘතික හා සදාචාරාත්මක පසුබිම ද එකිනෙකට වෙනස් වුවත් සැම ආර්ථික පද්ධතියක් තුලම දක්නට පොදු ආයතනික ලක්ෂණ ගණනාවක් හදුනාගත හැකි ය.එහි ලක්ෂණ පහත දැක වේ.
- කුටුම්බ
- සානුබල
- ආණ්ඩුව
- රාජ්‍ය නොවන සංවිධාන
- කම්කරු සංවිධාන
- නෛතික ව්‍යුහය
- කම්කරු සංවිධාන
- වෙළද පොළවල්
- සිරිත් විරිත් සම්ප්‍රදාය හා සංස්කෘතිය
ආර්ථික පද්ධති වල විකාශය
- ප්‍රථමික සාමුහික සමාජ අවධිය
- වහල් සමාජ අවධිය
- වැඩවසම් සමාජ අවධිය
- ධනේශ්වර සමාජ අවධිය
- සමාජවාදී සමාජ අවධිය
ප්‍රාථමික සාමුහික සමාජ පද්ධතිය
මිනිස් ඉතිහාසයේ ආරම්භක සමාජ අවධිය ලෙස සෑලකෙන්නේ ප්‍රථමික සාමුහික සමාජ පද්ධතිය යි. ප්‍රථමික සාමුහික සමාජ පද්ධති තුල මිනිසා ජිවත් වුයේ සමුහයක් ලෙසය.මේ යුගයේ මුල් වකවානුව තුල මිනිසාගේ ආහාරය වුයේ වන සතුන්ය.එහෙයින් එකල ප්‍රදාන නිෂ්පාදනය වුයේ වන සතුන් දඩයම් කිරීමය.වන සතුන් යොදා ගත්තේද සමුහිකවය.වන සතුන් දඩයම් කිරීම සදහා ගල් ආයුධ භාවිත කල හෙයින් මේ වකවානුව ගල් යුගය ලෙස ද හැදින්වේ.
වහල් සමාජ පද්ධතිය
ප්‍රාථමික සාමුහික සමාජ පද්ධතියේ අවසාන භාගයේ ඇතිවූ පුද්ගලික දේපල හිමිකරිත්වයත් සමග ශ්‍රමිකයන් ද පුද්ගලික දේපල ලෙසට හිමිකර ගැනීම සිදු කෙරින.එහෙඉන් මේ සමාජ පද්ධතිය වහල් සමාජ පද්ධතිය ලෙස හැදින්වේ.ශ්‍රමිකයන් මිලට ගැනීමත් ඒ අනුව පුද්ගලික දේපලක් ලෙස පරිහරණය කිරීමත් මේ අවදියේ සිදු කෙරිණි.එලෙස හිමිකරගත් ශ්‍රමිකයන් හැදින්වුයේ වහලුන් ලෙසය.වහලුන් හිමිකර ගැනීම වඩාත් ප්‍රචලිත වුයේ එය වඩාත් ලාභදායි වීම නිසාය.වහලකු නඩත්තු කිරීම සදහා අවශ්‍ය වියදමට වඩා වැඩි ඉපයීමක් වහලගෙන් උපයා ගැනීමට හැකිවීම එයට හේතුවයි.
මේ අනුව එකල සමාජ පන්ති 3ක් බිහිවිය
- නිෂ්පාදන සම්පත් හිමි පන්තිය
- වහල් පන්තිය
- නිදහස් ශ්‍රමික පන්තිය
වැඩවසම් සමාජ අවධිය
ඉඩම් ප්‍රධාන නිෂ්පාදන සම්පත ලෙස ද කෘෂිකාර්මික නිෂ්පාදන රටාවක් ද පැවති සමාජ පද්ධති හැදින්වුයේ වැඩවසම් සමාජ පන්තිය ලෙසය.ඉඩම් වල අදිපති වුයේ රජුය රජුට පුද්ගලයන් දක්වන පක්ෂපාතිත්වයත් ඔහු වෙනුවෙන් ඉටු කරන ලද සේවයත් සැලකිල්ලට ගනිමින් රජු විසින් එකී පුද්ගලයන්ට ඉඩම් ලබාදී තිබුණි.එලෙස ඉඩම් හිමිවූ ධනවත් පන්තිය"රදළ සාමිවරු"ලෙස ය.රදළ සාමිවරු සතු ඉඩම් වගා කිරීමේ යෙදුන පුද්ගලයන් හැදින්වුයේ"ප්‍රවේනි දාසයන්"ලෙසය.ප්‍රවේනි දාසයන්යොදා ගනිමින් රදළ සාමිවරු නිෂ්පාදන කටයුතු සිදුකරන ලද ඉඩම් ඩොමේන් නමින් හදුන්වන ලදී.
No comments:
Post a Comment