Wednesday, January 30, 2013


     වෙළදපොල ආර්ථිකයක රජයේ කාර්යභාරය 
  • දේපොලවල පුද්ගලික හිමිකම සුරක්ෂිත කර දීම සදහා අවශ්‍ය නෛතික රාමුව සැකසීම 
  • ජාතික ආරක්ෂාව සපයා දීම 
  • සේවක අයතිවාසිකම් ස්ථාපිත කිරීම 
  • හුවමාරුව පහසු කිරීම සදහා අවශ්‍ය මුල්‍ය පද්ධතිය ස්ථාපිත කිරීම 
  • කිරුම් මිනුම් පිළිබද ප්‍රමිත සැකසීම 
  • තිරසාර සංවර්ධනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම 
  • පොදු භාණ්ඩ හා ශුභ සාධන භාණ්ඩ සැපයීම 
  • මානව සම්පත් සංවර්ධනය කිරීම 
         වෙළදපොල ආර්ථිකයක් මුලික ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය 
   කුමක් කොපමණ ප්‍රමාණයක් නිපදවනවද යන ප්‍රශ්නය 
කුමන භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් නිපදවනවද යන්න වෙළදපොල ආර්ථිකයක් තීරණය කරන්නේ වෙළදපොල ක්‍රමයේදී ඒ ඒ භාණ්ඩයෙන් ලැබෙන ලාභය මතය.එනම් වෙලදපොලේ මිල වැඩි භාණ්ඩ වැඩිපුර නිෂ්පාදනය කරනු ලබන අතර මිල අඩු භාණ්ඩ අඩුවෙන් නිෂ්පාදනය කරනු ලබයි මිලක් අයකරගත නොහැකි භාණ්ඩ නිපද වීමක් සිදු නොවේ.මෙලෙස මිල වැඩි භාණ්ඩ වැඩිපුරත් මිල අඩු භාණ්ඩ අඩුවෙනුත් මිලක් අයකළ නොහැකි භාණ්ඩ නිෂ්පාදනයක් සිදු නොවීමත් හේතුව වනුයේ මිල ක්‍රමය මගින් දෙනු ලබන සඥා නිසාය.
     කෙසේ නිපදවන්නේද යන ප්‍රශ්නය 
කෙසේ නිපදවන්නේද යනනෙන් අදහස් කරන්නේ විකල්ප නිෂ්පාදන ක්‍රම අතුරින් කුමන නිෂ්පාදන ක්‍රමය භාවිත කරන්නේ ද  යන්න තීරණය කිරීම යි.භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී ප්‍රග්දනයට සාපේක්ෂව ශ්‍රමය වැඩිපුර යොදා ගැනේ නම් එහි දී භාවිත කෙරෙන නිෂ්පාදන ශිල්පිය ක්‍රමය"ශ්‍රම සුක්ෂම"වන අතර ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනය බහුලව යොදා ගැනේ නම් එහිදී භාවිතා කෙරෙන නිෂ්පාදන ශිල්පිය ක්‍රමය ප්‍රාග්ධන සුක්ෂම වේ.මෙහෙදී භාණ්ඩ නිෂ්පාදනය සදහා වඩාත් ලභාදායි ශිල්පිය ක්‍රමය යොදා ගැනේ.
      කා සදහා නිෂ්පාදනය කරන්නේද යන ප්‍රශ්නය 
කා සදහා නිෂ්පාදනය කරන්නේ ද යන්නෙන් අදහස් වන්නේ කිසියම් කාලයක් තුල සමාජය නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තොගය ජනතාව අතර කෙසේ බෙදී යාමට සලස්වන්නේ ද යන්න තීරණය කිරීමයි.මෙය සමාජයේ අදායම් බෙදීයාම සම්බන්ද වේ.සමාජයේ වැඩි අදායම් ලබන්නන් හට වැඩි භාණ්ඩ ප්‍රමාණයකුත් අඩු අදායම් ලබන්නන් හට අඩු ප්‍රමාණයකුත් අදායම් නොලබන්නන් හට භාණ්ඩ හිමි වීමක් සිදු නොවේ.වෙළද පොළ ආර්ථිකයක පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය අනුව භාණ්ඩ මිලට ගැනීම තීරණය වේ.
           වෙළදපොල ආර්ථික ක්‍රමයක යහපත් ලක්ෂණ 
  • නිෂ්පාදන කටයුතු එලදයිව ද කර්යක්ෂමව ද සිදු වීම 
  • පාරිභෝගික ඉල්ලුම අනුව නිෂ්පාදනය සිදු වීම 
  • තරගකාරිත්වය හේතුවෙන් ගුණත්වයෙන් යුත් භාණ්ඩ අඩු මිලට විකිණීම 
  • තරගකාරිත්වය හේතුවෙන් භාණ්ඩ නිෂ්පාදන පිරිවැය අවම වීම 
  • ආර්ථිකයට අවශ්‍ය භාණ්ඩ හා සේවා කාර්යක්ෂම ව සම්පාදනය වීම.
           වෙළදපොල ආර්ථික ක්‍රමයක දුර්වලතා 
  • වෙළදපොල ක්‍රමය තුල සැපයුම්කරුවන් බලවත් වීම 
  • පොදු භාණ්ඩ සැපයීමක් සිදු නොවීම 
  • බාහිරතා සැලකිල්ලට නොගැනීම  
  • සාධාරණත්වය ඉටු නොවීම 
  • තිරසාර සංවර්දනයට බාධා පැමිණීම 
  • සම්පත් සංචලනයට බාධා පැවතීම 
  • ආර්ථික අස්ථායිතා ඇතිවීම 
  • සුභ සාධන භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සම්පාදනය නොවීම 
                          වෙළදපොල ආර්ථික පද්ධතිය 
භෞතික නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය ව්‍යවසායක කාර්යයන් පුද්ගලයන් ද පුද්ගලික අංශයට අයත් ආයතන ද සතු ආර්ථික පද්ධතිය හැදින්වෙන්නේ වෙළදපොල ආර්ථික පද්ධතිය ලෙසය.පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලිය සදහා රජයේ සෘජු මැදිහත් වීමක් මේහි දී සිදු නොවේ.නිදහස් ධනවාදී ක්‍රම,නිදහස්  ව්‍යවසාය,මිල ක්‍රමය යන මේ නම් වලින් හදුන්වන්නේද මෙම ආර්ථිකයන්ය.
            වෙළදපොල ආර්ථික පද්ධතියේ පොදු ලක්ෂණ 
  • දේපලවල පුද්ගලික හිමිකාරත්වය
  • පුද්ගලික ව්‍යවසාය 
  • ස්වර්ථය පදනම් කරගත් සානුබල පැවතීම 
  • මිල යාන්ත්‍රණය මගින් ආර්ථිකය මෙහෙය වීම 
  • තේරීමේ නිදහස පැවතීම 
  • වෙළදපොල තරගකාරී වීම 
  • රජයේ කාර්යභාරය සීමිත වීම 
   වෙළදපොළ ආර්ථිකයක ලාභය මගින් ඉටුකරනු ලබන කාර්යයන් 
  • නව්‍යතා හදුන්වාදීම දිරිමත් කිරීම 
  • ආර්ථිකයේ විවිධ අංශ සම්පත් බෙදීයාම කාර්යක්ෂම කිරීම 
  • වෙළදපොල සංඥා සැපයීම 
  • අවධානම් දැරීම වෙනුවෙන් ප්‍රතිලාභ හිමි කර දීම
  • අමතර අරමුදල් සපයාගැනීම පහසු කර වීම 
  • රජයට බදු සපයන මුලාශ්‍රයක් වීම 
                මිල යාන්ත්‍රණය 
ආර්ථිකය පුරා විසිරි සිටින සියලුම පාරිභෝගිකයන් ස්වාර්ථය උදෙසා පරිභෝජනය පිළිබදව තීරණ ගන්නෙත් සියලුම නිෂ්පාදකයන් ස්වාර්ථය උදෙසා නිෂ්පාදනය පිළිබදව තීරණ ගන්නෙත් භාණ්ඩ හා සේවා වලට වෙළදපොළේ තීරණය වන මිල මගිනි.එලෙස එක් එක් පුද්ගලයා වෙන් වෙන් වශයෙන් ගන්නා තීරණ ව්‍යකුලත්වයකින් තොරව මනාව සම්බන්දිකරණය කරන්නෙත් භාණ්ඩ හා සේවාවල වෙළදපොළ මිල මගිනි.එහෙයින් වෙළදපොළ ආර්ථික පද්ධතියක සන්නිවේදන කාර්යයත් සිදු කෙරෙන්නේ මිල මගිනි.

        වෙළදපොල ආර්ථික පද්ධතියක මිලෙහි කාර්යයන් 
  • තොරතුරු සැපයීම 
  • සානුබල සැපයීම 
  • හිග සම්පත් බෙදා වෙන් කිරීම  
           තොරතුරු සැපයීම  
වෙළදපොල ආර්ථික පද්ධතියක් තුල තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයාටත් නිෂ්පාදකයාටත් සපයන්නේ වෙළදපොල මිල මගිනි.එහෙයින් තොරතුරු සැපයීම වෙළදපොල ආර්ථිකයක ප්‍රධාන කාර්යයයකි.මිල නොදන්නා විට භාණ්ඩයක් මිලට ගැනීමට යාමේ දී ඇති වන අපහසුව,වැටුප නොදන්නා විට රැකියාවක් තෝරා ගැනීමේ අපහසුව,යනාදිය තුලින් පෙන්නුම් කෙරෙන්නේ මිල මගින් සැපයෙන තොරතුරු වල වැදගත්කමය.
          සානුබල සැපයීම
වෙළදපොල ආර්ථික ක්‍රමයක නිෂ්පාදකයනටත් පරිභෝගිකයනටත් නිෂ්පාදනය ද පරිභෝජනය ද සදහා සානුබල සැපයෙන්නේ මිල මගිනි.කුටුම්බ ද නිෂ්පාදන ආයතන ද  ස්වාර්ථය පදනම් කරගෙන තීරණ ගනු ලබන්නේ මිල මගින් ලබාදෙන සානුබල මගිනි.සැපයුමට සාපේක්ෂව ඉල්ලුම ඉහල යන විට භාණ්ඩයේ මිල ඉහල යයි.භාණ්ඩයක වෙළදපොල මිල එලෙස ඉහල යත් ම නිෂ්පාදකයාට ඉපයිය හැකි ලාභයද වැඩි වේ.නිෂ්පාදනය වැඩිකිරීමට එමගින් සානුබල ලැබේ.එසේම භාණ්ඩයක මිල අඩුවන විට ඒ භාණ්ඩයේ සැපයුම අඩුවන බැවින් ලාභයද අඩුවේ.ලාභය අඩුවන නිසා එමගින් නිෂ්පාදනය අඩුකිරීමට සානුබල ලැබේ.
          හිග සම්පත් බෙදා වෙන් කිරීම
විකල්ප භාවිත හැකියා සහිත හිග සම්පත් විවිධ නිෂ්පාදන කාර්ය සදහා වෙළදපොල ආර්ථික ක්‍රමයේ දී බෙදා වෙන් කෙරෙන්නේ මිල මගිනි. සලාක කිරීම යන්නෙන් අදහස් වන්නේ හිග සම්පත් බෙදා වෙන් කිරීමම ය. 

Tuesday, January 29, 2013

ආර්ථික විද්‍යාව ඉගෙනුම:      විකල්ප ආර්ථික පද්ධති මුලික ආර්ථික ප්‍රශ්න වි...

ආර්ථික විද්‍යාව ඉගෙනුම:      විකල්ප ආර්ථික පද්ධති
මුලික ආර්ථික ප්‍රශ්න වි...
:       විකල්ප ආර්ථික පද්ධති  මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා සමාජ අනුගමනය කරන ආයතනික වැඩ පිළිවෙල හැදින්වෙන්නේ ආර්ථික පද්ධති ලෙසය.විවි...
     විකල්ප ආර්ථික පද්ධති 
මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා සමාජ අනුගමනය කරන ආයතනික වැඩ පිළිවෙල හැදින්වෙන්නේ ආර්ථික පද්ධති ලෙසය.විවිධ සමාජ ඒ සදහා විකල්ප ක්‍රම භාවිත කරයි.ඒවායින් ප්‍රදාන ක්‍රම කිහිපයක් පහත දැකවේ.
  • සම්ප්‍රධායික ආර්ථික පද්ධති 
  • වෙළදපොල ආර්ථික පද්ධති
  • විධාන හා නියෝග පදනම් කරගත් ආර්ථික පද්ධති 
  • මිශ්‍ර ආර්ථික පද්ධති 
      ආර්ථික පද්ධති එලෙස වර්ග කිරීම සදහා යොදා ගන්නා ප්‍රදාන නිර්ණායක තුනකි
  1. හිග සම්පත් බෙදාවෙන්කිරිම සදහා තීරණ ගැනීම හා ඒ තීරණ සම්බන්දිකරණය සදහා භාවිතා කැරෙන යන්ත්‍රණය
  2. නිශ්පාදන සම්පත් වල හිමිකාරිත්වය හා අයතිවාසිකම් 
  3. තීරණ ගන්නා එකක කෙරෙහි බලපානු ලබන සානුබල පද්ධතිය    
     ආර්ථිකයක තීරණ ගන්නා එකක ධෛර්යමත් කිරීමටත් අධෛර්යමත් කිරිමටත් බලපෑම් කරන සාදක සානුබල වශයෙන් හැදින්වේ.සානුබල සැපයෙන අකර තුනකි.
  • ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගත් සානුබල 
  • බලය පදනම් කරගත් සානුබල 
  • යුක්තිය හා සදාචාරය පදනම් කරගත් සානුබල 
       සම්ප්‍රධායික ආර්ථික පද්ධති 
නිෂ්පාදන සම්පත් බෙදා වෙන් කිරීම පිලිබදව තීරණ ගැනීම හා එකී තීරණ සම්බන්දිකරණය කිරීමේ යාන්ත්‍රණය වශයෙන් භාවිත කැරෙනේ සම්ප්‍රධායන්,සිරිත් විරිත්,ආගමික විස්වාස හා මතවාද ය.නිෂ්පාදන සම්පත්වල අයිතිය පොදු හිමිකරිත්වය මතය.වර්තමානයේ සම්ප්‍රධායික ආර්ථික පද්ධති දක්නට නොලැබේ.ගෝත්‍රික සමාජ වල පමණක් සම්ප්‍රධායික ආර්ථික පද්ධති වල ලක්ෂණ දක්නට ලැබේ.
      සම්ප්‍රධායික ආර්ථික පද්ධති වල වැදගත් ලක්ෂණ 
  • පොදු සම්පත් වශයෙන් නිෂ්පාදන සම්පත් පැවතීම
  • භාණ්ඩ හුවමාරුව මත වෙළදාම සිදු වීම.
  • ප්‍රධාන ආර්ථික තීරණ පාලකයා තනිව හෝ සම්මේලනයක් මගින් හෝ ගැනීම 
  • සදාචාර පදනම් ඔස්සේ සානුබල සැපයීම 
  • ගෝත්‍රික වශයෙන් රැකියා පරම්පරාවෙන් පරම්පරාවට මාරු වීම 
  • වෙනස්වන ගෝලීය පරිසරයන්ට අනුව ආර්ථික පද්ධතිය වෙනස් නොවීම 
  • පසුගිය වර්ෂයේ නිෂ්පාදනය කල දැ ම එකී ප්‍රමාණයෙන් ම නිෂ්පාදනය කිරීමෙන් මුලික ආර්ථික ප්‍රශ්න විසදීම 
  • ස්වභාවික උපද්‍රව වලදී අද්භූත බලවේග මත පිහිට පැතීම 


           ආර්ථික පද්ධති 
මිනිස් උවමනා අසීමිත වීමත් සම්පත් සීමාසහිත වීමත් හේතුවෙන් සම සමාජයක් ම පොදුවේ හිගකම නමැති කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයට මුහුණ දේ.හිගකම නමැති ප්‍රශ්නයට මුහුණ දෙන සම සමාජයක්ම විසදාගත යුතු මුලික ආර්ථික ප්‍රශ්න 3ක් පවතී.කුමන භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කල යුතු ද?භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කල යුතු ද?භාණ්ඩ හා සේවා ක සදහා නිෂ්පාදනය කල යුතු ද?යන්න ඒ මුලික ආර්ථික ප්‍රශ්න තුන වේ.මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා මිනිසා විසින් නිර්මාණය කර ඇති යාන්ත්‍රණය ආර්ථික පද්ධතියක් ලෙස හැදින්වේ.
            ආර්ථික පද්ධති වල ආයතනික ලක්ෂණ 
නුතන ආර්ථික පද්ධතියක් තුල පවත්නා ආයතනික ව්‍යුහයන් ද ඒවා ක්‍රියාත්මක වෙන නෛතික,සංස්කෘතික හා සදාචාරාත්මක පසුබිම ද එකිනෙකට වෙනස් වුවත් සැම ආර්ථික පද්ධතියක් තුලම දක්නට පොදු ආයතනික ලක්ෂණ ගණනාවක් හදුනාගත හැකි ය.එහි ලක්ෂණ පහත දැක වේ.
  • කුටුම්බ 
  • සානුබල 
  • ආණ්ඩුව
  • රාජ්‍ය නොවන සංවිධාන 
  • කම්කරු සංවිධාන 
  • නෛතික ව්‍යුහය 
  • කම්කරු සංවිධාන 
  • වෙළද පොළවල් 
  • සිරිත් විරිත් සම්ප්‍රදාය හා සංස්කෘතිය 

          ආර්ථික පද්ධති වල විකාශය 
  • ප්‍රථමික සාමුහික සමාජ අවධිය 
  • වහල් සමාජ  අවධිය 
  • වැඩවසම් සමාජ අවධිය 
  • ධනේශ්වර සමාජ අවධිය 
  • සමාජවාදී සමාජ අවධිය  
     ප්‍රාථමික සාමුහික සමාජ පද්ධතිය
මිනිස් ඉතිහාසයේ ආරම්භක සමාජ අවධිය ලෙස සෑලකෙන්නේ ප්‍රථමික සාමුහික සමාජ පද්ධතිය යි. ප්‍රථමික සාමුහික සමාජ පද්ධති තුල මිනිසා ජිවත් වුයේ සමුහයක් ලෙසය.මේ යුගයේ මුල් වකවානුව තුල මිනිසාගේ හාරය වුයේ වන සතුන්ය.එහෙයින් එකල ප්‍රදාන නිෂ්පාදනය වුයේ වන සතුන් දඩයම් කිරීමය.වන සතුන් යොදා ගත්තේද සමුහිකවය.වන සතුන් දඩයම් කිරීම සදහා ගල් ආයුධ භාවිත කල හෙයින් මේ වකවානුව ගල් යුගය ලෙස ද හැදින්වේ. 
       වහල් සමාජ පද්ධතිය  
ප්‍රාථමික සාමුහික සමාජ පද්ධතියේ අවසාන භාගයේ ඇතිවූ පුද්ගලික දේපල හිමිකරිත්වයත් සමග ශ්‍රමිකයන් ද පුද්ගලික දේපල ලෙසට හිමිකර ගැනීම සිදු කෙරින.එහෙඉන් මේ සමාජ පද්ධතිය වහල් සමාජ පද්ධතිය ලෙස හැදින්වේ.ශ්‍රමිකයන් මිලට ගැනීමත්  අනුව පුද්ගලික දේපලක් ලෙස පරිහරණය කිරීමත් මේ අවදියේ සිදු කෙරිණි.එලෙස හිමිකරගත්  ශ්‍රමිකයන් හැදින්වුයේ වහලුන් ලෙසය.වහලුන් හිමිකර ගැනීම වඩාත් ප්‍රචලිත වුයේ එය වඩාත් ලාභදායි වීම නිසාය.වහලකු නඩත්තු කිරීම සදහා අවශ්‍ය වියදමට වඩා වැඩි ඉපයීමක් වහලගෙන් උපයා ගැනීමට හැකිවීම එයට හේතුවයි.
  මේ අනුව එකල සමාජ පන්ති 3ක් බිහිවිය 
  1. නිෂ්පාදන සම්පත් හිමි පන්තිය 
  2. වහල් පන්තිය 
  3. නිදහස් ශ්‍රමික පන්තිය 

          වැඩවසම් සමාජ අවධිය 
ඉඩම් ප්‍රධාන නිෂ්පාදන සම්පත ලෙස ද කෘෂිකාර්මික නිෂ්පාදන රටාවක් ද පැවති සමාජ පද්ධති හැදින්වුයේ වැඩවසම් සමාජ පන්තිය ලෙසය.ඉඩම් වල අදිපති වුයේ රජුය රජු පුද්ගලයන් දක්වන පක්ෂපාතිත්වයත් ඔහු වෙනුවෙන් ඉටු කරන ලද සේවයත් සැලකිල්ලට ගනිමින් රජු විසින් එකී පුද්ගලයන්ට ඉඩම් ලබාදී තිබුණි.එලෙස ඉඩම් හිමිවූ ධනවත් පන්තිය"රදළ සාමිවරු"ලෙස ය.රදළ සාමිවරු සතු ඉඩම් වගා කිරීමේ යෙදුන පුද්ගලයන් හැදින්වුයේ"ප්‍රවේනි දාසයන්"ලෙසය.ප්‍රවේනි දාසයන්යොදා ගනිමින් රදළ සාමිවරු නිෂ්පාදන කටයුතු සිදුකරන ලද ඉඩම් ඩොමේන් නමින් හදුන්වන ලදී.




      නිෂ්පාදන සම්පත් 
මිනිස් උවමනා තෘප්තිමත් කිරීම සදහා අවශ්‍යය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා යොදාගන්නා ද නිෂ්පාදන සම්පත් වේ.
  •   භුමිය 
  •   ශ්‍රමය 
  •   ප්‍රාග්ධනය 
  •   ව්‍යවසාය  

                හිගකම හා තේරීම 
  සීමාසහිත සම්පත් ප්‍රමාණයක් භාවිතාකරමින් අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට යාමේදී හිගකම නමැති කේන්ද්‍රීය ප්‍රශ්නයට මුහුණ දීමට සම සමජයකටම මුහුණ දීමට  සිදුවේ.සීමිත සම්පත් ප්‍රමාණයකින් සියලුම මිනිස් උවමනා සපුරාගත නොහැකි බැවින් සපුරා ගන්නා උවමනා කවරේද යන්න තේරීමට සිදුවේ.මෙය පුද්ගලයන්ට මෙන්ම සම සමාජයකටම පොදු වූ ප්‍රශ්නයකි.
      මේ සදහා බලපාන්නාවූ ප්‍රධාන සාදක 3කි 
  •              උවමනා අසීමිත වීම 
  •              සම්පත් සීමිත වීම 
  •              සම්පත්වල විකල්ප භාවිත හැකිය පැවතීම 
                                              මුලික ආර්ථික ප්‍රශ්න 
   ඕනෑම ආර්ථිකයක් විසින් විසදා ගත යුතු මුලික ආර්ථික ප්‍රශ්න 3කි 
  1.           කුමන භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිපදවිය යුතුද?මෙය සම්පත් බෙදා වෙන් කිරීම පිළිබද ප්‍රශ්නයි 
  2.           කව්රුන්විසින් භාණ්ඩ හා සේවා කෙසේ නිපදවනු ලබන්නේද?මෙය නිෂ්පාදනය පිළිබද ප්‍රශ්නයි 
  3.           භාණ්ඩ හා සේවා සමාජයේ කවර පුද්ගලයන් සදහා නිෂ්පාදනය කරන්නේද?මෙය අදයම්බෙදියාම  පිළිබද ප්‍රශ්නයි 
                          සම්පත් බෙදවෙන්කිරිම පිළිබද ප්‍රශ්නය
     ආර්ථිකයක් සතු සම්පත් භාවිතා කර විවිධ භාණ්ඩ විවිධ ප්‍රමාණවලින් නිෂ්පාදනය කළහැක එහෙයින් ආර්ථිකය සතු සම්පත් කුමන භාණ්ඩ නිෂ්පාදනය කිරීම      සදහා භාවිත කරන්නේද?යන්නත් ඒ එක් එක් භාණ්ඩයෙන් කුමන ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද?යන්නත්  කිරීම සම අර්තිකයකටම සිදුවේ.
                         නිෂ්පාදනය පිළිබද ප්‍රශ්නය 
   භාණ්ඩ නිෂ්පාදනය කිරීම පුද්ගලික අංශයේ ආයතනවලින් කරනවද රාජ්‍ය අංශයේ ආයතනවලි කරනවද ඇසෙත් නැත්නම් මේ අංශ 2කටම අයත් ආයතන වලින් කරන්නේද යන්න තීරණය කිරීමට සැම අර්තිකයකටම සිදුවේ.මෙය නිෂ්පාදනය පිළිබද ප්‍රශ්නයි.
                        ආධායම් බෙදියම පිළිබද ප්‍රශ්නය 
   හිග සම්පත් යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණය සමාජයේ කව්රුන් විසින් මිලදී ගනු ලැබේද යන්න සොයා බැලීම අදායම් පිළිබද ප්‍රශ්නය වේ.
  


Friday, January 25, 2013


ආර්ථික විද්‍යාත්මකව සිතිම හා තීරණ ගැනීම සදහා යම් ශික්ෂණ ක්‍රමයක් අවශ්‍ය වේ.ඒ ශික්ෂණ ක්‍රමයට පදනම සැපයෙන මුලදර්ම ගණනාවක් වේ.ඒවායින් වැදගත් මුලදර්ම පහත දැක්වේ 
  1. තෙරිමදී ආවස්තික පිරිවැයක් හටගන්නා බව පිලි ගැනීම. 
  2. තෙරිමේදී ස්වාර්ථය උදෙසා තාර්කිකව කතුතු කිරීම
  3. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැය ඉක්මවන පරිදි පමණක් තේරීමෙන් ස්වාර්තය උපරිම කරගත හැකිවීම.
          යතානුරුපි හා අභිමතනුරුපි ප්‍රකාෂ  
   යතානුරුපි ප්‍රකාෂ 
 යමක් අතීතයේ පැවතුන ආකාරය හෝ යමක් වර්තමානයේ පවතින ආකාරය හෝ යමක් අනාගතයේ පවතින ආකාරය සම්බන්දයෙන් සබැ තත්වය ප්‍රකාශ කෙරෙන ප්‍රකාශ යතානුරුපි ප්‍රකාශ ලෙස හැදින් වේ.

          යතානුරුපි ප්‍රකාශ වල ලක්ෂණ 
  1.     යතානුරුපි ප්‍රකාශ පුද්ගල බද්ධ ඒවා නොවීම 
  2.     යතානුරුපි ප්‍රකාශ බොහොමයක් පරීක්ෂණයකට භාජනය කල හැකිවීම 
  3.     යතානුරුපි ප්‍රකාශ සරදර්ම මත පදනම්ව නොපැවතීම 
  4.     යතානුරුපි ප්‍රකාශ විද්‍යාත්මක ස්වරුපයක් ගැනීම
    අභිමතනුරුපි ප්‍රකාශ     
  යමක් සිදුවිය යතු ආකාරය පිලිබදව ප්‍රකාශ කෙරෙන හැදින්වෙන්නේ අභිමතනුරුපි ප්‍රකාශ ලෙසය.
       අභිමතනුරුපි ප්‍රකාශ වල ලක්ෂණ 
  1.      අභිමතනුරුපි ප්‍රකාශපුද්ගල බද්ධ වීම 
  2.      විෂය බද්ධ ආකාරයෙන් පරීක්ෂණයට ලක්කළ නොහැකිවීම 
  3.      අභිමතනුරුපි ප්‍රකාශ සාරදර්ම මත රදා පැවතීම 
  4.      අභිමතනුරුපි ප්‍රකාශ විද්‍යාත්මක පදනමක් නොමැති වීම 
  5.          මුලික අවශ්‍යතා හා උවමනා 
         අවශ්‍යතා 
      ජිවත් වීම සදහා පුද්ගලයෙකු සපුරා ගත යුතු දෑ මුලික මිනිස් අවශ්‍යතා ලෙස හැදින්වේ.
    උදාහරණ =ඇදුම් පැළදුම්,අහාර පාන,ජලය,වාසස්ථාන 
         උවමනා 
      පුද්ගලයින් අවශ්‍යතා ඉටුකරගන්නා ආකාරයන් උවමනා ලෙසින් හෑදින්වේ.
    උදාහරණ=  අහාර =බත්,පාන්,ඉදිආප්ප    ඇදුම්=කලිසම්,කමිස.බ්ලුව්ස්    
                        

ආර්ථික විද්‍යාවේ විෂය පථය
        ආර්ථික විද්‍යාව සමජෙයිය විද්‍යාවකි.මිනිසා හා සමාජය පිලිබදව සමාජෙය විද්‍යාවකින් අද්‍යනය කෙරේ.සමාජ මනෝ වෙද්‍යව,සමාජ විද්‍යාව,දේශපාලන විද්‍යාව,යන විෂය සමාජයීය විද්‍යාව සදහා නිදසුන් වේ.මිනිසුන් සමාජයේ හැසිරෙන ආකාරය විවිද දුෂ්ටිකොනවලින්  අද්‍යනය කිරීම  මේ සැම සමාජ විද්‍යාවකම අරමුණ වේ .කේෂ්ත්‍රයට අදාල සංකල්ප .නියාය ,මුලදර්ම  හා වීශ්ලේෂණ ක්‍රම බිහි කිරීම  විෂය කෙරේ 

                           ආර්ථික විද්‍යාව පිළිබද නිර්වචන 
ආර්ථික විද්‍යා  විෂයට දීර්ග ඉතිහාසයක පවතී.එහෙයින් ආර්ථික විද්‍යාව පැහැදිලි කිරීම සදහා නිර්වචන රාශියක් ඉදිරිපත් කර ඇත.මුල්කලයෙදී දනය පදනම් කරගත් අතර පසුකලයේදී සුබසාදනය පදනම්  කරගන්න ලදී.ඊටත් පසුකාලයේ දී හිගකම පදනම් කරගන්නා ලදී.නුතනයේ වෘදිධිය ඇරිස්ටෝටල්= කුටුම්බ කළමනාකරණය ආර්ථික විද්යාව යි.ධනය ආරක්ෂා කරගැනීම හා ධනය නිවැරදි දෙස භාවිතා කිරීම කුටුම්බ කලමනකරනයි.
  1. ඇරිස්ටෝටල්= කුටුම්බ කළමනාකරණය ආර්ථික විද්‍යාවයි.ධනය ආරක්ෂා කරගැනීම හා ධනය නිවැරදි දෙස භාවිතා කිරීම කුටුම්බ කලමනකරනයි.
  2.  ඇඩම් ස්මිත්=ධනයේ ස්වභාවය සහ දනයට හේතු විමර්ශනය කිරීම ආර්ථික විද්‍යාවයි.
  3.  ඇල්ප්‍රඩ් මාර්ෂල්=එදිනද ජිවිතයදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරන විෂය ආර්ථික විද්‍යාවයි.
  4.  ලයනල් රොබින්සන්=විකල්ප භාවිත සහිත හිග සම්පත් හා උවමනා අතර පවත්නා සම්බන්ධතවයේදී මිනිස් හැසිරීම අධ්‍යනය කරන විද්‍යාව ආර්ථික විද්‍යාවයි.